බදුල්ල පළාත් මහ රෝහලේ වාර්ෂිකව පවත්වනු ලබන කඨීන චීවර මහෝත්සවය මෙවරත් 17 වන වරටත් රෝහල් ගිලන් සේවා මධ්යස්ථානපති පූජ්‍ය කිතල්ඇල්ලේ පේමානන්ද ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි බදුල්ල පළාත් මහ රෝහල් අධ්‍යෂ තුමාගේ උපදෙස් මත රෝහල බෞද්ධ සංගමයේ හා සියලු රෝහල් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් හා කැපවිමෙන් 2016 ක් වු ඔක්තෝබර් මස 22 වන දින හෙද සොයුරු සරත් විමලරත්න මහතාගේ නිවසින් කඨින චීවරය වැඩමවා එදින මහා සංඝරත්නය 40 ක් නමක් විෂයෙහි සංඝගත දක්ෂිනාවක් අට පිරිකර හා සෙසු පිරිකර සහිතව පූජා කරන ලදි
Leave a Comment